මාරු වැළදගත් කොවිඩ් කත.., - අතරතුරදී කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගැනුණු අයෙක්.
Thursday, 21 January 2021 - 8:55 | Views - 517
තවත් කොරෝනා ආසාදිත මරණයක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 274ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 53 හැවිරිදි වියේ පසුවූ මැල්ලවගෙදර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.
මීගමුව මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරදී කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගැනීමත් සමඟ ජාතික බෝවන රෝග විද්‍යා ආයතනය වෙත මාරුකර යවා තිබෙනවා.
එහිදී පසුගිය 20 වනදා කොවිඩ් නියුමෝනියාව නිසා ඇතිවූ ලේ විෂවීමේ කම්පනය සහ උග්‍ර දියවැඩියාව හේතුවෙන් ඇය මරණයට පත්ව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
Share This Article