පැණියෙන් වැටුණු මාංචු ..,
Wednesday, 20 January 2021 - 11:09 | Views - 5,270
පැණියෙන් ධම්මිකට මාංචු වැටේ ද?

කොරෝනා වෛරසයට එරෙහිව පැණියක් නිෂ්පාදනය කළ කෑගල්ලේ ධම්මික බණ්ඩාර නමැත්තාට එරෙහිව කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා යටතේ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මෙම පුද්ගලයට එරෙහිව පේරාදෙණිය පොලිසියට ඉදිරිපත් කර ඇති පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

මෙම පැණිය ලබාගැනීම සඳහා පැමිණි පිරිසක් සමග ධම්මික බණ්ඩාර නමැත්තා ඇතිකරගෙන ඇතැයි කියන ගැටුමක් සම්බන්ධයෙන් අදාළ පැමිණිල්ල ඉදිරිපත් වී තිබෙනවා. ධම්මික බණ්ඩාර නමැත්තා මෙම ගැටුම ඇතිකරගෙන ඇත්තේ පැණිය ලබාගැනීමට පැමිණි බටහිර වෛද්‍යවරයෙකු සමග බවයි වරකාපොල පොලිසිය සඳහාන් කළේ.

කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා යටතේ පැවැත්වෙන මෙම විමර්ශනයෙන් අනතුරුව ධම්මික බණ්ඩාර බොහෝදුරට පොලිස් අත්අඩංගුවට පත්වීමට ඉඩ ඇති බවද වාර්තාවනවා. කෙසේ වෙතත් අද දිනයේ ද විශාල ජනතාවක් මෙම පැණිය ලබාගැනීමට ධම්මික බණ්ඩාර නමැත්තාගේ නිවස ඉදිරිපිට රැස්ව සිටින බවයි සඳහන් වන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top