බලවතා නික්ම යාමට සුදානම් , ජෝ බයිඩීන් දිව්රුම් දීම අභියස..,
Tuesday, 19 January 2021 - 9:14 | Views - 444
ජනපති ආර්යාවගේ මිනිත්තු හයක වීඩියෝවකුත් හදිසියේම එළියට එයි...

ඇමරිකානු ජනාධිපති ධුරය, එහෙම නැත්තම් ලෝකයේ බලවත්ම පුටුවේ ඊළඟට වාඩිවෙන්න සුදානමින් ඉන්නේ ජෝ බයිඩීන්.

ඉතින් තව හෝරා කිහිපයකින් ඔහු ඇමරිකාවේ නව ජනපති විදිහට දිවුරුම් දීමට නියමිතයි.

පසුගිය දිනවල "හිතුවක්කාර" විදිහට හැසිරුණු ට්‍රම්ප්, මැතිවරණය නීති විරෝධි යැයි කියමින්, තමන්ගේ තත්ත්වය රැක ගන්න ලොකු සටනක් දුන්නා. ඒ සටනේදී ජීවිත හානි ද සිදු වුනු බව ඔබ දැනටමත් දන්නවා.

එහෙත් අවසානයේ මුළු ඇමරිකාවේ මෙන්ම ලෝකයේ බොහෝ බලවතුන්ගේ අප්‍රසාදයට ලක් වෙන්න ඔහුට සිදු වෙනවා.

ඔහුගේ දියණිය පවා ඔහුට විරුද්ධව යමින් සිටින පුවතක් ඩේලිමේල් පසුගිය සතියේ වාර්තා කර තිබුණා.

මේ අතර, ප්‍රචණ්ඩත්වය කිසි විටෙකත් පිළිතුරක් නොවන බව සඳහන් කරමින්, ජනපති ආර්යා මෙලනියා ට්‍රම්ප් විසින් මිනිත්තු හයක වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා.

ඒ ඔවුන් ධවල මන්දිරයෙන් ඉවත්ව යාමට දින දෙකකට පෙරදියි.

මේ අතර ට්‍රම්ප් ෆ්ලොරිඩාවට පියාසර කිරීමට සැලසුම් කරමින් සිටින බවට ද විදෙස් මාධ්‍ය පුවතක් වාර්තා කරනවා.

ධවල මන්දිරයේ කාර්ය මණ්ඩලය පෙට්ටි ඇසුරුම් කරමින් ඒ සඳහා සුදානම් වන ඡායාරූප පෙළක් ද ඩේලිමේල් එක් කර තිබුණා.

ඊයේ උදෑසන දැවැන්ත ට්‍රක් රථ දෙකක් ඒ සඳහා ධවල මන්දිරයට පැමිණ ඇති බව සඳහන්.

ට්‍රම්ප් සමාරම්භක දිනයේ උදෑසනම පිටත්ව යාමට සැලසුම් කර ඇති අතර බයිඩීන්ගේ උත්සවයට සහභාගී නොවන බවට ඔහු මින් පෙරද ප්‍රකාශ කර තිබුණා.

කෙසේ වෙතත්, ධුරයෙන් නික්ම යාමට පෙර ඔහු කුමකින් කුමක් කරාවිද යන්න ගැන, ලෝකයම අවධායෙන් පසු වනවා.

Dailymail ඇසුරිනි.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top