තරුණ සැමට හමුදා පුහුණුව..,
Monday, 18 January 2021 - 15:27 | Views - 629
වයස අවුරුදු 18 ඉක්මවූ සියලුදෙනාට හමුදා පුහුණුව ලබාදීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තමා බලාපොරොත්තු වන බව මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර ප්‍රකාශ කළා.
විනයක් සහ හික්මීමක් නොමැති කම හේතුවෙන් රට තුළ බොහෝ අපරාධ සිදුවීම හේතු කොටගෙන මෙලෙස හමුදා පුහුණුවක් ලබාදීමට යෝජනා කරන බවයි ඔහු කියා සිටියේ.
Share This Article