පැණිය පානය කලද වැළදුණු කොරෝනා...,
Monday, 18 January 2021 - 14:30 | Views - 2,381
කෑගල්ලේ ධම්මික පැණිය පානය කළ ද තමන් ඇතුළු පවුලේ සියළු දෙනාට කොරෝනා වැළදුණු බව කෑගල්ල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රී ශිලන්ත විජේපාල ප්‍රකාශ කළා.
මේ වන විට ඔහු ප්‍රතිකාර ලබන ඇඹිලිපිටියේ පිහිටි යොවුන් සේනාංක මධ්‍යස්ථානයේ සිට හිරු ප්රවෘත්ති අංශය සමග දුරකථනයෙන් සම්බන්ධ වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
මේ අතර, කෑගල්ල ප්‍රදේශයේ තවත් ව්‍යාපාරිකයෙකු ද ධම්මික බණ්ඩාර නැමැත්තාගේ කොරෝනා වෛරසයට එරෙහි පැණිය සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති අංශයට අදහස් පල කළා.
ඔහු කියා සිටියේ රුපියල් දස දහසක මුදලක් ගෙවා පැණි බෝතලයක් මිලදී ගෙන පානය කළ ද තමා ඇතුලු පවුලේ සියළු දෙනාට කොරෝනා වෛරසය වැළදුණු බවයි.
Share This Article