විෂබිජහරණය හේතුවෙන් කඩා වැටුණු ගුවන් යානය..,
Saturday, 16 January 2021 - 8:56 | Views - 4,454
එහි පුද්ගලයින් 60 දෙනෙකු පමණ සිටියා....
 
ඉන්දුනීසියාවේ ශ්‍රී විජය ගුවන් යානාව කඩා වැටුණේ එහි විද්‍යුත් කේබලය විෂබිජහරණය නිසා දුර්වල වීමෙන් බවට විමර්ශකයන් පවසනවා.
 
මෙම යානාව කොරෝනා වසංගතය නිසා විෂබිජහරණයට ලක්කිරීම සඳහා ගුවන් යානා අංගණයකට ඇතුළත් කර තිබුණා.

සෑහෙන කලක් එම අංගණයේ තිබූ එම යානාවේ විද්‍යුත් කේබලය අක්‍රිය තත්ත්වයකට පත්ව ඇතත් එය නඩත්තු කර නැහැ.
 
කඩා වැටුණු ශ්‍රීවිජය එයාර් සමාගමේ බෝයිං 737 යානයේ සුන්බුන් සෙවීමට බලධාරීන් වෙහෙසෙන අතර, මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ඥාතීහු දැඩි කනස්සල්ලෙන් යම් තොරතුරක් ලැබෙනු ඇතැයි බලා සිටිනවා.
 
සෙනසුරාදා (ජනවාරි 9) ජකර්තා නුවර සිට ගුවන් ගත වී මිනිත්තු කීපයකට පසු මුහුදට කඩා වැටුණු මගී ගුවන් යානයේ පුද්ගලයන් හැට දෙදෙනෙක් සිටියා.
 
අනතුරෙන් දිවි ගලවා ගත් අය සිටී යයි බලාපොරොත්තුවක් නොමැති බව පෙනෙන්නට තිබෙනවා.
 
යානයේ කිසිවෙකු විධිමත් ලෙස හඳුනාගෙන නැතත්, ඔවුන්ගේ පවුලේ අය සහ මිතුරන්ගෙන් තොරතුරු ලැබෙමින් පවතිනවා.

පසුගිය සතියේදී ඉන්දුනීසියාවේ මුහුදට කඩා වැටුණු Sriwijaya Air සමාගමට අයත් ගුවන් යානයේ ගුවන් ගමන් දත්ත (flight data recorder) සාර්ථකව ඩවුන්ලෝඩ් කර ගැනීමට හැකි වී ඇති බව ද වාර්තා වනවා.

ඉන්දුනීසියාවේ ජාතික ප්‍රවාහන ආරක්ෂණ කමිටුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, අදාළ දත්ත ගබඩාවේ සියලු දත්ත සුරක්ෂිතව ඇති බවයි.

ඒ අනුව, එහි ගුවන් මාර්ගය, වේගය, එන්ජින් බලය සහ වෙනත් තොරතුරු අන්තර්ගත වී තිබෙනවා.

ඉන්දුනීසියාවේ ජාතික ප්‍රවාහන ආරක්ෂණ කමිටුව පැවසුවේ, ගුවන් යානය මුහුදට කඩා වැටෙන අවස්ථාවේදී එහි එන්ජින් දෙක ම ක්‍රියාත්මක වෙමින් පැවති බව අදාළ දත්තවලින් තහවුරු වී ඇති බවයි.

මෙම ගුවන් අනතුර සම්බන්ධයෙන් වන මූලික වාර්තාව දින 30ක් ඇතුළත නිකුත් කිරීමට නියමිතයි.

විදෙස් මාධ්‍ය ඇසුරිනි
.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top