ඇමෙරිකාවෙන් පිටව යන ඇමරිකානු බලවතා...,
Saturday, 16 January 2021 - 8:21 | Views - 425

කැපිටල්හිල් ගොඩනැඟිල්ලට ප‍්‍රහාර එල්ල කිරීමේ සිද්ධිය සැලසුමක්!
ඇමෙරිකානු ජනපති ට‍්‍රම්ප් සහ පවුලේ අය ජනවාරි 19 දා ධවල මන්දිරයෙන් පිටව යෑම සඳහා සැලසුම් කර ඇත. මේ වනවිට ඔවුන්ගේ බඩු බාහිරාදිය ලොරිවලට පටවන බව ද අනාවරණය වී තිබේ.
මේ අතර ට‍්‍රම්ප් ඇමෙරිකාවෙන් පිටව යෑමට සූදානම්වන බවට ද වාර්තා වී ඇත.
මේ සම්බන්ධයෙන් ඩිමෝක‍්‍රටික් පක්ෂ මන්තී‍්‍රවරු පිරිසක් පැවසුවේ ට‍්‍රම්ප් රටින් පිටව ගියත් ඔහුව ආපසු ඇමෙරිකාවට ගෙන්වා ගැනීමට කි‍්‍රයා කරන බවයි.
එහෙත් ට‍්‍රම්ප්ගේ නීතිවේදීන් සඳහන් කරන්නේ ට‍්‍රම්ප් සතුව විශාල ධනස්කන්දයක් ඇති නිසා ඔහු සටන් වදින බවයි. ට‍්‍රම්ප් සතුව ඩුබායිහි සුපිරි ගොඩනැඟිල්ලක් ද අසර්බයිජානයේ හෝටලයක් ද ඇමෙරිකාවේ ගොල්ප් පිටියක් ද ඇතැයි අනාවරණය වී ඇත.
එසේම බොයින් ගුවන් යානාවක් ද ඔහු සතුව තිබේ.
ට‍්‍රම්ප්ගේ ආධාරකරුවන් කැපිටල්හිල් ගොඩනැඟිල්ලට ප‍්‍රහාර එල්ල කිරීම ගැන එෆ් බී අයි පොලිසිය මෙතෙක් ට‍්‍රම්ප්ගෙන් ප‍්‍රශ්න කර නැත.
මේ වනවිට ටුවිටර් වෙබ් අඩවිය සහ ස්නැප්වට් අඩවිය ට‍්‍රම්ප්ගේ ගිණුම් නතර කර ඇත.
මේ අතර ට‍්‍රම්ප් රටින් පිටව යන බවට පළවී ඇති තොරතුරු ඔහු ප‍්‍රතික්ෂේප කර තිබේ.
කැපිටල්හිල් ගොඩනැඟිල්ලට ප‍්‍රහාර එල්ල කිරීමේ සිද්ධිය සැලසුමක් බව ඇමෙරිකානු එෆ් බී අයි පොලිසිය සොයාගෙන ඇත.
මේ අතර.. කැපිටල්හිල් ගොඩනැඟිල්ලට කඩාවැදී ප‍්‍රහාර එල්ල කළ ට‍්‍රම්ප්ගේ සහචරයන් රැසක් ද අවි ආයුධ තොගයක් ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් අයවලූන් අතර ව්‍යාපාරිකයන්, හිටපු හමුදා නිලධාරීන් සහ, ඔලිම්පික් රන් පදක්කමක් ලැබුවෙක් ද වේ.
මෙම පිරිස සතුව අවි පතරොම් සන්නාහ වාහන සිදුරු කෙරෙන උණ්ඩ සහ පුපුරණද්‍රව්‍ය ද තිබී හමුවී ඇත.
අත්අඩංගුවට ගනු ලැබූ පිරිස් හඳුනාගෙන ඇත්තේ සී. සී. ටී. වී. දර්ශනවලින්.
මේ ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "දිවයින" පුවත්පත..
Share This Article