අද ආරම්භ වුනු “Park & Ride” බස් රථ සේවාව..,
Friday, 15 January 2021 - 17:29 | Views - 229
කොළඹ නගරය ආශ්රිත වාහන තදබදයට පිළියමක් ලෙස හඳුන්වා දෙන “Park & Ride” බස් රථ සේවාවේ පළමු අදියර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (15) පෙරවරුවේ ආරම්භ කෙරුණා.
කොට්ටාව, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වුනු මෙහි ප්‍රධාන අරමුණ වී ඇත්තේ,මෝටර් රථයෙන් සහ යතුරු පැදියෙන් ගමන් ගන්නා මගීන් සඳහා සුවපහසු, ආරක්ෂිත පොදු ප්‍රවාහන බස්රථ සේවාවක් සැපයීමයි.
මේ සදහා ආසන ගණනට මගීන් රැගෙන යාමට හැකි සුඛෝපභෝගී බස්රථ පමණක් යොදා ගැනෙන අතර අයකෙරෙන මුදල සාමාන්‍ය බස් රථ ගාස්තුව මෙන් දෙගුණයකි.
Share This Article