කොරෝනා පරීක්ෂණයෙන් පසු , නිරුවත් වූ සැමියා..,
Friday, 15 January 2021 - 16:19 | Views - 452

කොරෝනා සැක සහිත පුද්ගලයකු ඇසුරු කළේ යැයි පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කළ සැමියකු පරීක්ෂණයට ගොස් ආපසු එන විට ඔහුගේ නිවසේ තිබූ ඇඳුම් පැලඳුම් කොට්ට මෙට්ට සියල්ල පුළුස්සා දැමූ බිරියක ගැන සියනෑවට නුදුරු ගමකින් අසන්නට ලැබේ.

සිද්ධිය මෙසේය........

මෙම සැමියාත් බිරියත් වයස 60-70 ආසන්න වූවෝය. සැමියා ගමේ කඩපිලට ගොස් පාළු කැපීමට හුරු පුරුදු වූ කෙනෙකි.

දිනක් සැමියා කඩෙපාළේ සිට නිවෙසට ගිය විට කඩපොළේ කොරෝනා ආශ්‍රිතයකු සිටියේ යැයි එහි සිටි සියලු දෙනාම පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කිරීමට දන්වා තිබුණි.

ඒ අනුව සැමියාද පී.සී.ආර්. පරීක්ෂණ සඳහා කැඳවාගෙන ගියේය.

සැමියා නිවෙසින් ගිය පසු බිරිය සිදුකළේ සැමියාගේ ඇඳ කොට්ට, මෙට්ට ඇඳුම් පැලඳුම් සියල්ල පුළුස්සා දැමීමය. එසේ කළේ වයිරසයෙන් ආරක්ෂා වීමටය. සැමියා පරීක්ෂණයෙන් නෙගටිව් වී ආපසු නිවෙසට ආවේ ජයග්‍රාහී විලාසයෙනි.

එසේ වුවද නිවෙසට ආවිට ඔහුට සිදුවූයේ පෙර නොසිතූ සිදුවීමකි.

ඒ වන විට ඇඳුම් පැලඳුම් තබා තමන් නිදන ඇද කොට්ට මෙට්ට සියල්ලමද බිරිඳ විසින් ගිනි තබා විනාශ කර තිබිණි. ඔහුට දින කිහිපයක් අමුඩය ගසාගෙන සිටීමට සිදුවූයේ එකම සරමත් බැනියමත් සෝදා පිරිසිදු කරගත් දිනවලදීය.

පැදුරු කඩමාල්ලක වැටී බිම නිදාගන්නටත් සිදුවිය.

දූනගහ බටේපොළ විජයසිරි
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "ලංකාදීප" පුවත්පතෙන්.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top