වසර 67 කට පසු විෂ එන්නතකින් ලැබුණු මරණ දඩුවම..,
Friday, 15 January 2021 - 13:19 | Views - 483
23 හැවිරිදි බොබී ඩෝ නමැති ගැබිනියකගේ ගර්භාෂය කපා මරා දැමීමේ චෝදනාවට, වසර 67 කට පසු ඇමරිකාව 52 හැවිරිදි කාන්තාවක්ට විෂ එන්නතක් විද මරණ දඬුවම පමුණුවා තිබෙනවා.
ඇය ලීසා මොන්ටිගෝමරී යැයි ඇමරිකානු මාධ්‍ය සඳහන් කර තිබෙනවා.
මෙම ලීසා මොන්ටිගෝමරී නමැත්තිය මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බවත් විවිධ අතවරවලට ලක්වීම නිසා මානසික ආබාධවලින් පෙළෙන බවට නීතිවේදීන් විසින් අධිකරණය වෙත පෙන්නුම් කර තිබෙනවා.
එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණය ඇගේ අභියාචනය ඉවත දමා ඇති අතර ජනපති ට්‍රම්ප්ගේ පාලන සමය තුළ 11 කටද මරණ දඬුවම නියම වී තිබෙනවා.
Share This Article