ඉන්දුනීසියාවේ භූකම්පනය සුනාමි අනතුරක් ද?
Friday, 15 January 2021 - 11:22 | Views - 205
ඉන්දුනීසියාවේ සුලවේසි දිවයිනේ මජීනේ නගරය කේන්ද්‍ර කොටගෙන අද උදෑසන සිදුවූ භූ කම්පනයකින් පුද්ගලයින් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
රික්ටර් පරිමාණයේ 6.2 ක ප්‍රබලතාවයකින් යුත් මෙම භූ කම්පනය හේතුවෙන් 637 දෙනෙකු තුවාල ලබා ඇති අතර, නිවාස 60 කට පමණ හානි සිදුව ඇති බව සඳහන්.
අද අලුයම 01 ට පමණ මෙම භූ කම්පනය වාර්තාවීමත් සමඟ කලබලයට පත් ජනයා සිය නිවෙස්වලින් ඉවතට පැමිණ ආරක්ෂිත ස්ථාන කරා ගිය බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
කෙසේ නමුත්, මෙම භූ කම්පනය හේතුවෙන් සුනාමි අවදානමක් පැන නැගී නැහැ.
Share This Article