කොළඹට ලැබුණු සහනය ...,
Friday, 15 January 2021 - 10:23 | Views - 741

කොළඹ නාගරික රථ වාහන පොලිසිය හා පොලිස් හදිසි ඇමතුම් අංශය මගින් පමණක් නිකුත් කල දඩ ගෙවීම ලබන මස(පෙබරවාරි) 08 වනදා දක්වා දීර්ඝ කෙරේ.
කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් කාලය ඉකුත් වු රථවාහන දඩ පත්‍රිකා සඳහා දඩ මුදල් තැපැල් කාර්යාල මගින් ගෙවීමට ලබාදී තිබූ සහන කාලය අදින් අවසන් වනවා.
එහෙත් කොළඹ නාගරික රථ වාහන පොලිසිය හා පොලිස් හදිසි ඇමතුමි අංශය මගින් නිකුත් කරනු ලැබූ දඩ පත්‍රිකා ගෙවීම සඳහා පමණක් පෙර පැවැති සහන කාලය ලබන මස 08 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.
තැපැල් දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ ඉල්ලිම පරිදි මෙලෙස සහන කාලය දීර්ඝ කර ඇති බවයි
ඒ අනුව තැපැල් කාර්යාලවල රාජකාරි සිදු කරන කාලවේලාව තුළදි කොළඹ නාගරික රථ වාහන පොලිසිය හා පොලිස් හදිසි ඇමතුම් අංශය මගින් නිකුත් කරනු ලැබු දඩ පත්‍රිකා ගෙවීමට හැකි වනු ඇති.
එසේම, නව ආසාදිතයින් 670 දෙදෙනෙකු ඊයේ දිනයේදී හඳුනා ගැනීමත් සමඟ, මෙරට මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 50,899 ක් දක්වා ඉහළ ගියා.
ඒ අනුව, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල සහ බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා පොකුර 47,127 දෙනෙකු වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ වනවිට දිවයිනේ රෝහල් කිහිපයක තවදුරටත් වෛරසය ආසාදනය වූවන් 6,901 දෙනෙකු ප්‍රතිකාර ලබනවා.
ඊයේ දිනයේදී 480 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ සුවය ලැබූ සමස්ත පුද්ගලයින්ගේ සංඛ්‍යාව මේ වනවිට දැක්වෙන්නේ 43,747 ක් ලෙසයි.
එමෙන්ම, කොරෝනා ආසාදිත රෝගීන්ගේ මරණ 04 ක් ඊයේ දිනයේදී වාර්තා වුණා.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 251 ක්.
Share This Article