කෝටි 06 ක රාජ්‍ය දේපල හානිකල - බන්ධනාගාර ගැටුම ..,
Friday, 15 January 2021 - 9:52 | Views - 260
මහර බන්ධනාගාර සිද්ධියේදී රුපියල් කෝටි 06 කට අධික දේපල හානියක් සිදුව ඇති බව ඒ සඳහා පත් කළ තක්සේරු මණ්ඩලය මගින් අනාවරණ කරගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, එහිදී සිදුවූ දේපල හානිය ඇතුළු අලාභය ඉදිරියේදි නිල වශයෙන් ප්‍රකාශ කරන බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.
එම සිද්ධියේදී රාජ්‍ය දේපලවලට හානි කිරීමේ චෝදනා යටතේ කලහකාරි ලෙස හැසිරුණු 120 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පියවර ගෙන ඇතැයි ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
මහර බන්ධනාගාරයේ සිදුවූ ගැටුමේදී එහි ගොඩනැගිලි කිහිපයකට, ඖෂධ ගබඩාවට හා ලේඛනාගාරය ඇතුළු දේපල රැසකට අලාභ හානි සිදුව තිබුණා.
Share This Article