තිදරු පියාට ලැබුණු මරණ දඬුවම..,
Friday, 15 January 2021 - 8:34 | Views - 198
සුළු බහින් බස්වීමක් දුරදිග ගොස් පොල් කඩන පිහියකින් ඇන සිය බිරිඳ ඝාතනය කළ තිදරු පියෙකුට එරෙහිව තංගල්ල මහාධිකරණයේ පැවති නඩු විභාගයේදී විත්තිකරු වැරදිකරු බවට ඔප්පු වීම හේතුවෙන් තංගල්ල පළාත්බද මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා ඔහුට මරණීය දණ්ඩනය නියම කර තිබෙනවා.

මෙලෙස මරණ දඬුවම නියම වුයේ වීරකැටිය, මැදමුලන, මැදගම, වැලිඅතුහේනේ පදිංචි ගොයිගොඩ ගමගේ තිලකරත්න නමැති 51 හැවිරිදි තිදරු පියෙකුයි. චුදිතයා රැකියාව ලෙස පොල් කැඞීම සිදුකර ඇති අතර 2012.06.24 වන දින ඔහු සිය බිරිඳ සමග ආරවුලක් ඇති කරගෙන තිබෙනවා. එහිදී දෙදෙනා අතර බහින්බස්වීමක් සිදුව ඇති අතර ඉන් දැඩි කෝපයට පත්ව ඇති සැමියා සිය පොල් කඩන පිහියෙන් ඇන බිරිඳ ඝාතනය කර තිබෙනවා.

පිහි ඇනුමින් ඝාතනයට ලක්ව ඇත්තේ චුදිත තැනැත්තාගේ බිරිද වන 40 හැවිරිදි කංකානම්ගමගේ නිරෝෂා මල්කාන්ති නමැති අයයි. සිද්ධියට අදාළව සැකකරු වීරකැටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පැවති මුලික නඩු විභාගයෙන් අනතුරුව නීතිපතිවරයා විසින් චුදිතට එරෙහිව තංගල්ල පළාත්බද මහාධිකරණය හමුවේ නඩු පවරා තිබෙනවා. එහිදී පැවති නඩු විභාගයේදී චුදිතට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබු අධිචෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීම හේතුවෙන් චුදිතට සිද්ධියෙන් වසර 08කට පසු මරණීය දණ්ඩනය නියම කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top