පස් හැවිරිදි දැරියට අතවර කල හතලිස් එක් හැවිරිදි දෙදරු පියාට මාංචු ,
Wednesday, 13 January 2021 - 12:50 | Views - 321
පස් හැවිරිදි කුඩා දියණියක් අමානුෂික ලෙස අපයෝජනයට ලක්ව රක්වාන ප්රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව රත්නපුර පළාත් මහ රෝහලට මාරු කර යවා ඇතැයි රක්වාන පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක බී. ඒ. ඒ. පී. බමුණුසිංහ මහතා පවසයි.
අපයෝජනයට ලක්ව ඇති දරුවාගේ තත්ත්වය බරපතළ බැවින් රත්නපුර මහ රෝහල වෙත යැවූ බව රෝහල් ආරංචි මාර්ග පවසයි. සිද්ධියට සැකපිට හතළිස් එක් හැවිරිදි දෙදරු පියෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.
මොහු සිය බිරිඳගෙන් වෙන්ව සිටින අයකුවන අතර මෙම සැකකරු අතවරයට ලක්වූ දැරියගේ පියාට අයත් වත්තක සේවකයකු ලෙස කලක් සේවය කර ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා. පසුගිය දහවනදා පෙරවරුවේ නිවසේ කිසිවකු නොමැති වේලාවක දැරිය රවටාගෙන අසළ පිහිටි ලඳු කැලෑවකට රැගෙන ගොස් මෙම අතවරය සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි රක්වාන පොලීසිය පවසයි.
Share This Article