දුම්බර බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය රැගෙන යාමට උත්සාහ කළ නියාමකවරයෙකු අත්අඩංගුවට
Thursday, 07 January 2021 - 15:20 | Views - 220
බෝගම්බර දුම්බර බන්ධනාගාරය තුලට හෙරොයින්, අයිස් සහ කෙරළ ගංජා රැගෙන යාමට උත්සහා කිරීමේදී බන්ධනාගර නිලධාරීන් විසින් බන්ධනාගර නියමකයෙකු අත්අඩංගුව ගෙන තිබෙනවා.
මෙලස සැකකරු බන්ධනාගාරය තුළ වසර 08ක් සේවය කළ නියාමකයෙක් බවයි බන්ධනාගාර දෙපාර්තුමේන්තුව සඳහන් කළේ.
සැකකාර බන්ධනාගාර නියාමකවරයා හෙරොයින් ග්‍රෑම් 3ක් අයිස් ග්‍රෑම් 3ක් සහ කේරළ ගංජා ග්‍රෑම් 8කට වැඩි ප්‍රමාණයක් බඳ පටියෙහි සඟවාගෙන රැගෙන යාමට උත්සාහ කර ඇතැයි සඳහන්.
එම පුද්ගලයා වැඩිදුර විමර්ශණ සඳහා පොලිසියට භාරදී ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්තාපන ) චන්දන ඒකනායක කියාසිටියේ.
Share This Article