ජෝ බයිඩ්න්ගේ ජනාධිපතිවරණ ජය නිල වශයෙන් තහවුරු වෙයි
Thursday, 07 January 2021 - 15:03 | Views - 356

ඡන්ද විද්‍යාල ප්‍රතිඵලය පිළිගනිමින් ඇමෙරිකානු කොන්ග්‍රසය ජෝ බයිඩ්න්ගේ ජනාධිපතිවරණ ජය තහවුරු කර තිබෙනවා.
ඒ අනුව ජෝ බයිඩ්න්ට හිමිව ඇති ඡන්ද විද්‍යාල 306ක් බවයි.
අමෙරිකාවේ වොෂිංටන්හි කොංග්‍රස් මණ්ඩල ගොඩනැගිල්ලට ජනපති ට්‍රම්ප්ගේ ආධාරකරුවන් පිරිසක් කඩා වැදීමත් සමඟ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වුණා.
ට්‍රම්ප් ආධාරකරුවන් මෙලෙස කලහකාරී ලෙස හැසිරුණේ තේරී පත් වූ ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පත්වීම තහවුරු කිරීමේ විශේෂ රැස්වීමක් පැවැත්වෙන අතරතුරයි.
අමෙරිකානු ජනාධිපතිවරණය ජයගත් ජෝ බයිඩ්න්ගේ පත්වීම තහවුරු කිරීම සම්බන්ධයෙන් විශේෂ රැස්වීමක් ඊයේ වොෂිංටන්හි කොංග්‍රස් මණ්ඩල ගොඩනැගිල්ලේදී කැඳවා තිබුණා.
ඊට නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ සෙනෙට් මන්ත්‍රී මණ්ඩල නියෝජිතයන් සහභාගි වී සිටියා.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් පිරිසක් එම ගොඩනැගිල්ලට කඩා වැදුනේ ඒ අතරවාරයේයි.
අපට ඕනෑ ට්‍රම්ප් යනුවෙන් හඩනගමින් විරෝධතාකරුවන් ගොඩනැගිලි පරිශ්‍රයට ඇතුළුවන අවස්ථාවේදී ආරක්ෂක අංශ බාධා කළ නමුත් කලහකාරී ලෙස හැසිරිණු පිරිස බලහත්කාරයෙන් ශාලාව තුළට කඩා වැද තිබෙනවා.
ඇතැම් විරෝධතාකරුවන් ආයුද සන්නද්ධව සිටි ආකාරයත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ප්‍රචණ්ඩ ක්‍රියා අතරතුර වෙඩි ප්‍රහාරයකට ලක් වූ කාන්තාවක් ඇතුළු සිව් දෙනෙක් මියගොස් තිබෙනවා.
ප්‍රචණ්ඩ ක්‍රියා අතරතුර ඩෙලවෙයාර් හි විල්මින්ටන් ප්‍රදේශයේදී තේරී පත් වූ ජනාධිපති ජෝ බයිඩ්න් මෙම පිරිසෙන් ඉල්ලා සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යයට ඉඩ දී පසුබසින ලෙසයි.
ජෝ බයිඩ්න්
පසුපසට ගොස් ප්‍රජාතන්ත්‍රවාදී කාර්යට ඉඩ සැලසිය යුතුයි. මෙය විරෝධතාවක් නොවෙයි. සැබැවින්ම මෙය කැරැල්ලක්. එබැවින් මෙම වටලෑම අවසන් කරන්න. ජනපති ට්‍රම්ප් ඔබ දැන් ගෙදර යා යුතුයි.
ජෝ බයිඩ්න්ගේ එම ප්‍රකාශයෙන් මිනිත්තු කිහිපයක් ගතවෙද්දීම ඩොනල්ඩ් ට්‍රම්ප් වීඩියෝවක් මුදාහරිමින් සඳහන් කළේ මැතිවරණය වංචාසහගතව පැවැත්වූ බවටයි.
ඩොනල්ඩ් ට්‍රම්ල් - අමෙරිකානු ජනාධිපති
මා දන්නවා. ඔබ ඉන්නේ වේදනාවෙන්. ඔබට රිදිලා. මැතිවරණය සොරකම් කරලා තිබෙනවා. හැමදෙනාම ඒක දන්නවා. විශේෂයෙන්ම අපගේ ප්‍රතිවාදීන්. නමුත් ඔබ දැන් ගෙදර යා යුතුයි. මේක වංචා සහගත මැතිවරණයක් වුණත් අපට මේ මිනිස්සුන්ගේ අල්ලේ නැටවෙන්න බැහැ. අපට සාමය තිබිය යුතුයි.
තත්ත්වය පාලනයට පොලිසිය අවට ප්‍රාන්තවලින් අතිරේක ආරක්ෂක බලඇණිද කැඳවීමට පියවර ගත්තා.
විරෝධතාව පාලනය සඳහා කදුලු ගෑස් ප්‍රහාරද එල්ල කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
කෙසේ වෙතත් සිය ආධාරකරුවන්ගේ විරෝධතාව උග්‍ර අතට හැරෙන පසුබිමක ජනපති ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටියේ සාමකාමී වෙමින් පොලිසියට හා නීතිය ක්‍රියාත්මක කරන පිරිස්වලට සහය දෙන ලෙසයි.
කෙසේ වෙතත් මැතිවරණය කොල්ලකෑමක් බවට ට්‍රම්ප් යළිත් වරක් කළ ප්‍රකාශය හේතුවෙන් ඔහුගේ ට්විටර් ගිණුම අක්‍රීය කිරීමට ට්විටර් සමාගම පියවර ගත්තේ ඔහුගේ එම පණිවුඩය මඟින් ප්‍රචණ්ඩත්වය පිළිබඳව මතුවූ අවදානම සැලකිල්ලට ගනිමින්.
මේ අතර ජනාධිපති ට්‍රම්ප්ගේ ඉල්ලීමක් අනුව ජාතික ආරක්ෂක බලමුළුව කැඳවිමටද පියවර ගෙන තිබෙනවා.
වොෂිංටන් නගරයට මේ වන විට ඇඳිරි නීතිය පනවා ඇති අතර වොෂිංයනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයද නිවේදනය කළේ.
Share This Article