ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයා වස දී මරා දැමීමේ උත්සාහයක් හෙළි වෙයි
Thursday, 07 January 2021 - 14:57 | Views - 284
ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ සේවය කරන ප්‍රධානතම විද්‍යාඥයකු වූ මසාන් මිස්රාව වස දී ඝාතනය කිරීමට දැරූ උත්සාහයකින් ඔහු ගැලවී ඇත.
ඔහු අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ ඉහළ තනතුරක් සඳහා පැවැති සම්බුඛ පරීක්ෂණයට සහභාගි වීමෙන් පසු පැවැති දිවා භෝජනයේදී ඔහුගේ ආහාර වේලට උග්‍ර විසක් අන්තර්ගත කර තිබේ.
තමා තෝස සමග චට්නි අනුභව කළ අතර ඊට එම වස දමා තිබූ බවත් හෙළි කළ මිස්රා මේ නිසා හුස්ම ගැනීමේ අපහසුව ඇතුළු ශාරීරික ආබාධ රැසක් ඇති වූ බව හෙළි කළේය.
මේ ගැන ආරක්ෂක නිලධාරීන් තමාට අනතුරු ඇගවූ බව ද හෙතෙම වැඩිදුරටත් අනාවරණය කළේය.
Share This Article