කොරෝනා මෘතදේහ ආදාහනය කළ යුතු බවට විශේෂඥ වාර්තාවක්
Thursday, 07 January 2021 - 14:17 | Views - 1,034
කොරෝනා ආසාදනය වී මිය යන පුද්ගලයින්ගේ මෘත දේහ ආදාහනය කළ යුතු බවට වෛරස් පිළිබඳ විශේෂඥවරුන් පිරිසක් රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේට වාර්තාවක් ලබාදී ඇති බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඒ අනුව මෘත දේහ ආදාහනය කරන්නේ ද, භූමදානය කරන්නේ ද යන්න සම්බන්ධයෙන් මේ වන විටත් පරීක්ෂණ පවත්වන විශේෂඥ කමිටුවට අදාළ වාර්තාව ලබාදෙන බවයි ඇය සඳහන් කළේ.
Share This Article