ආබාධිත සෙබළ පියා සත් හැවිරිදි දරුවාට උණුවතුර බෝතලෙන් පහර දීලා
Thursday, 07 January 2021 - 12:26 | Views - 406

පාදයක් සම්පූර්ණයෙන්ම ආබාධිත සෙබළෙක් සිය තෙවැනි පිරිමි දරුවාගේ මුහුණට උණුවතුර බෝතලයකින් පහර දීම නිසා තුවාල ලැබූ දරුවා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කෑගල්ල රෝහල් පොලිසිය කියයි.
මෙලෙස කෑගල්ල මහ රෝහලේ අංක 11 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින්නේ කෑගල්ල නගරයේ විද්‍යාලයක 2 පන්තියේ ඉගෙනුම ලබන කෑගල්ල හෙට්ටිමුල්ල මීදෙණිය ප්‍රදේශයේ පදිංචි 7හැවිරිදි පිරිමි දරුවෙක් බව පොලිසිය කියයි.
කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන පාසල් ශිෂ්‍යාගේ පියා යුද හමුදාවේ සේවය කරන අවස්ථාවේදී සිදුවූ අනතුරකදී එක් පාදයක් අහිමිව ගොස් ඇති බවත් පොලිසිය කියයි. මෙම දරුවාට වැඩිමල් සහෝදරයන් දෙදෙනකු සිටින බවත් එක් සහෝදරයෙක් ද ආබාධිත බව පොලිසිය කියයි.
මෙම දරුවාගේ මව හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක කම්කරු රැකියාවක් කරන අතර පියා පූර්ණ ආබාධිතව නිවෙසට වී ලබන මාසික වැටුපෙන් දිනපතා මත්පැන් පානය කරන බවත් පොලිසිය කියයි. මත්පැන් පානය කර නිවෙසට පැමිණ බිරියට හා කුඩා දරුවන්ට බැන පහර දෙන බවත් පොලිසිය කියයි.
සිද්ධිය වූ ඉකුත්දා රාත්‍රි දරුවාගේ මවගේ අසල පදිංචි පියා ඔවුන් පදිංචිව සිටින නිවෙසට පැමිණ ඇති අතර රාත්‍රි 10ට පමණ ආපසු ඔහු යළි නිවෙසට ඇරලවීමට මව දරුවන් තිදෙනා නිදි කරවා ගොස් ඇති බවත් පොලිසිය කියයි.
පියා ඇරලවා නිවෙසට පැමිණ ඇති කාන්තාව දැක ඇත්තේ තම තෙවැනි දරුවා නාසයෙන් ලේ පෙරාගෙන කෑ ගසමින් සිටින අයුරුය. පසුව කාන්තාව දරුවාගෙන් හඬන්නේ මන්දැයි විමසා ඇති බවත් තාත්තා උණුවතුර බෝතලයෙන් මුහුණට පහර දුන් බවත් දරුවා මවට ප්‍රකාශ කර ඇති බවත් පොලිසිය කියයි. පසුව තුවාල ලබා සිටි දරුවා සමඟ සෙසු දරුවන් දෙදෙනාද එදින නිදිකරවා පසුදා පෙරවරුවේ ත්‍රිරෝද රථයකින් කෑගල්ල මහ රෝහලට ඇතුළත් කළ බව පොලිසියට ප්‍රකාශයක් ලබාදෙමින් මව දන්වා ඇති බවත් පොලිසිය කියයි.
එහිදී කාන්තාව පොලිසියෙන් බැගෑපත්ව සිය පූර්ණ ආබාධිත හමුදා සැමියා පොලිසියට ගෙන්වා කරුණු කාරණා පෙන්වා දී අවවාද කරන ලෙසත් ඉල්ලීමක් කළ බව පොලිසිය කියයි.
මව්බිම
Share This Article