කැපිටල් ගොඩනැගිල්ල වැටලු සිව් දෙනෙකු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට
Thursday, 07 January 2021 - 11:59 | Views - 582
ඇමරිකාවේ සෙනෙට් සභාව පිහිටි කැපිටල් හිල් ගොඩනැගිල්ලට පහරදීමේ සිද්ධියෙන් පුද්ගලයින් හතරදෙනකු මියගොස් තවත් 52 කු තුවාල ලබා තිබෙනවා.
එසේම ඇමරිකාවේ නව ජනපති පදවි ප්රාප්තිය දක්වා වොෂින්ටන් අගනුවරට පනවා ඇති හදිසි තත්වය දින 15 කට දීර්ඝ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
ඩොනල්ඞ් ට්රම්ප්ගේ ආධාරකරුවන් අදාළ ගොඩනැගිල්ලට කඩාවැදීමත් සමඟ මෙම නොසන්සුන්කාරී තත්වය හටගත්තා.
ඔවුන් එලෙස කළහකාරී ලෙස හැසිරුණේ ජෝ බයිඞ්න්ගේ පත්වීම තහවුරු කිරීම සඳහා රැස්වීමක් එහි පැවැත්වෙන අතරතුරයි.
Share This Article