කසාද බඳින්න රෙජිස්ට‍්‍රාර් ළඟට ගිය 15 හැවිරිදි දැරිය ගැබිනියක්, 21 හැවිරිදි තරුණයා අත්අඩංගුවට
Thursday, 07 January 2021 - 10:03 | Views - 437
15හැවිරිදි බාල වයස්කාර දැරියක පස් මස් ගැබිනියක කළ 21හැවිරිදි තරුණයකු අරණායක පොලිසිය විසින් ඊයේ (06) අත්අඩංගුවට ගෙන තිබේ.

අරණායක පලේබාගේ ප‍්‍රදේශයේ පදිංචි මෙම සැකකාර තරුණයා මීට මාස හයකට පමණ පෙර වෙනත් ප‍්‍රදේශය පදිංචි 15 හැවිරිදි දැරිය රවටාගෙන ඔහු පදිංචි අරණායක ප‍්‍රදේශයේ නිවසට කැඳවාගෙන විත් ඇය විවාහ කර ගන්නා බව පවසා ඇය සමග අඹු සැමි ඇසුරක් පවත්වා ගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.

මාස කිහිපයක් ගතවීමෙන් පසු දැරිය ගැබ් ගැනීම නිසා තරුණයාගේ මව්පියන් විසින් දැරිය තරුණයාට විවාහ කර දීමට ප‍්‍රදේශයේ විවාහ රෙජිස්ට‍්‍රාර්වරයා වෙත 05 වැනිදා ගොස් ඇත.

එහිදි දැරියගේ උප්පැන්න සහතිකය පරීක්ෂා කිරීමේදී ඇය බාල වයස්කාර දැරියක් බව අනාවරණය වී ඇත.

මෙම සිද්ධිය පිළිබඳ ප‍්‍රදේශයේ ග‍්‍රාමසේවා නිලධාරි හා පවුල් සෞඛ්‍ය නිලධාරිනිය දැනුවත් වීමෙන් පසු අරණායක පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත සැකකාර 21හැවිරිදි තරුණයා සාමසර කන්ද ප‍්‍රදේශයේදී ඊයේ (06) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු ඊයේ (06) සවස මාවනැල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. පස් මස් ගැබිනි දැරිය රෝහල් ගත කර ඇත.

අරණායක පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද ගුණරත්න මහතාගේ උපදෙස් මත පරීක්ෂණ සිදු කෙරේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top