බීමත් පුතුගේ පහරදීමෙන් මියගිය 72හැවිරිදි පියා
Thursday, 07 January 2021 - 9:47 | Views - 379
පුත්‍රයා විසින් තම පියා ඝාතනය කළ පුවතක් කහවත්ත ප්‍රදේශයෙන් වාර්තා වනවා.
අදාළ සිදුවීම වාර්තාවන්නේ කහවත්ත හව්පෙවත්ත ප්‍රදේශයෙන්.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 72හැවිරිදි අයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ.
ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ 40 හැවිරිදි පුත්‍රයා කහවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාර පුත්‍රයා බීමතින් සිට ඇති අතර දෙදෙනා අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව මෙම ඝාතනය සිදුව ඇති බවටයි වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
එහිදී පුත්‍රයා විසින් සිය පියාට උදැල්ලකින් පහරදී ඇති අතර බරපතල තුවාල ලැබූ පියා කහවත්ත රෝහලට ඇතුලත් කර පසුව ඇඹිලිපිටිය රෝහල වෙත මාරුකර යැවීමෙන් අනතුරුවයි ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.
සැකකරු පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කහවත්ත පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.
Share This Article