ගිනි අවියක් සමඟ අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු කැළණිමුල්ලේදී අත්අඩංගුවට
Thursday, 07 January 2021 - 9:25 | Views - 326
මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමඟ අපරාධ කිහිපයකට සම්බන්ධ පුද්ගලයෙකු මුල්ලේරියාව - කැළණිමුල්ල පාලම අසළදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන් ඊයේ පස්වරුවේ සිදුකළ වැටලීමකදී මොහු  අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තාවන්නේ.

සැකකරු කිසියම් අපරාධයක් සිදුකිරීම සඳහා මෙම ගිනි අවිය ළඟ තබාගෙන ඇති බවටයි සැක පලකරන්නේ.

මොහු මීට පෙර, 2005 වසරේ කැළණිය - පට්ටිය ප්‍රදේශයේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ ප්‍රින්ස් කොලම්ගේ සමීපතම ආධාරකරුවෙකු වන වීරසිංහ ආරච්චිලාගේ සංඛ නොහොත් ලාරා කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරු වී සිරදඩුවම් නියමව නිදහස් වූ අයෙක් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

එමෙන්ම මෙම සැකකරු 2018 වසරේ විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් ළඟ තබාගැනීමේ චෝදනාවට ද අත්අඩංගුවට ගෙන ඇති අතර, ඊට අදාළව ඔහුට කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ද  විභාගවෙමින් පවතිනවා. 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top