පියාට, මුත්තනුවන්ට සහ මිත්තනියට පහරදුන් පුතෙකු ගැන පුවතක් මීගහකිවුලෙන් වාර්තාවෙයි
Thursday, 07 January 2021 - 8:50 | Views - 304
වැඩිමහල් පුත්රයා එල්ල කළ පොලු පහරකින් බරපතල තුවාල ලැබූ පියා, මුත්තනුවන් සහ මිත්තනියන් රෝහල් ගතකිරීමේ පුවතක් මීගහකිවුල ප්රදේශයෙන් වාර්තාවනවා.
පොලීසිය සඳහන් කළේ සැකකරු ඊයේ අලුයම ඔවුන් පදිංචි නිවසට පැමිණ මෙම පහරදීම සිදුකර ඇති බවයි.
පහරදීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, සිද්ධියෙන් පසුව සැකකරු ප්රදේශයෙන් පලාගොස් තිබෙනවා.
මොවුන් මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්රතිකාර පිණිස බදුල්ල මහ රෝහලට මාරුකර යැවුණා.
Share This Article