මුහුණු ආවරණ නොපැළඳි 523 ක් ඊයේත් අල්ලයි - දෙදෙනෙකු ආසාදිතයින්
Thursday, 07 January 2021 - 8:11 | Views - 296
මුව ආවරණ නොපැළඳ බස්නාහිර පළාතේ පොදු ස්ථානවල ගැවසෙන පුද්ගලයින් සොයා සිදුකරන වැටලීමේදී ඊයේ දිනයේ පමණක් පුද්ගලයින් 523 දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

මොවුන්ගෙන් 252 කුට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකර ඇති අතර, ඉන් දෙදෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා.

එමෙන්ම තවත් 271 දෙනෙකුට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර ඇති අතර, එහි වාර්තා ලැබීමට නියමිතයි.

ඒ අනුව ඊයේ (06) සහ පෙරේදා (05) දිනවල රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ 802 ක් සිදුකර ඇති අතර, ඉන් 16 දෙනෙකු ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති බවයි
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

නව ආසාදිතයන් 522 කු ඊයේ වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 46,248 ක් ඉහළ ගියා.

නව ආසාදිතයන්ගෙන් 521 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර, කටාරයේ සිට පැමිණි පුද්ගලයෙකුද රෝගියෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව තවදුරටත් 7,006 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 39,023 ක්.

එමෙන්ම නව මරණ දෙකක් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 219 ක් දක්වා ඉහළ ගියා අතර දෙහිවල ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකු දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ සිට කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමෙන් පසු ජාතික බෝවන රෝග විද්‍යායතනයට මාරුකර යැවීමෙන් අනතුරුව ඊයේ මියගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ ලේ විෂවීම, වකුගඩු ආසාදනය සහ කොවිඞ් නියුමෝනියාවයි.

අලව්ව ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි කාන්තාවක්ද ඊයේ මියගොස් ඇති අතර, කුරුණෑගල ශික්ෂණ රෝහලේදී කොරෝනා ආසාදිත බවට හඳුනාගැනීමෙන් පසු නාරම්මල දිස්ත්‍රික් රෝහලට මාරුකර යවා සිටියදී ඊයේ දිනයේ ඇය මියගොස් තිබෙනවා.

කොවිඞ් ආසාදනය සමඟ උග්‍ර දියවැඩියාව, හෘදය අක්‍රියවීම සහ උග්‍ර ස්වසන පද්ධතියේ ආසාදනය මරණයට හේතුව ලෙස දක්වා ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියා සිටියේ.

මේ අතර කොරෝනා වෛරසයේ වැඩිම බලපෑමට ලක්වූ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන් පසුගිය ඔක්තෝම්බර් 1 වනදා සිට මේ දක්වා ආසාදිතයන් 12,255 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනි රෝසි සේනානායක කොළඹ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් කියා සිටියේ මේ වනවිට කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන් කොරෝනා මරණ 119 ක් වාර්තාවී ඇති බවයි.

මීගමුව - දළුපොත - වේලක්කන්නි දේවස්ථානයේ නත්තල් දින පූජාවට සහ උත්සවයට සහභාගිවූ ගීතිකා කණ්ඩායමේ ළමයෙකු කොරෝනා ආසාදිතයෙකු බවට අනාවරණ වීමත් සමඟ එම දේවස්ථානයේ පියතුමා සහ ගීතිකා කණ්ඩායමේ සෙසු සාමාජිකයන් ඇතුලු ඔවුන්ගේ ආශ්‍රිතයන් 70 දෙනෙකු නිරෝධායනයට යොමුකර තිබෙනවා.

ඔවුන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ ඊයේ සිදුකළ බවයි දළුපොත මහජන සෞඛ්‍ය පරීක්ෂක ධනුෂ්ක අබේසිරිවර්ධන සඳහන් කළේ.

කටුනායක - බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ නියෝජ්‍ය කළමනාකරුටද කොරෝනා ආසාදනය වී ඇති බවට අනාවරණ වීමත් සමඟ ඔහුගේ ආශ්‍රිතයන් 15 කට වැඩි පිරිසක් නිරෝධායනය සඳහා යොමුකළ බව ගුවන් තොටුපල ප්‍රකාශකයෙකු කියා සිටියා.   

මේ අතර කෑගල්ලේ ධම්මික බණ්ඩාර නැමැත්තා විසින් නිපදවූ කොරෝනා පැණියට සායනික පරීක්ෂණ සඳහා අනුමැතිය ලබාදී තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේ ඊට අදාළ ලිපිය අනුරාධපුර ශික්ෂණ රෝහල, අනුරාධපුර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සහ උතුරුමැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට යොමුකර ඇති බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top