අත්අඩංගුවට ගත් ETI අධ්‍යක්ෂකවරුන්ට ඇප
Wednesday, 06 January 2021 - 19:53 | Views - 396
නීතිපතිවරයාගේ දැනුම්දීම මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ස්වර්ණමහල් ජුවලර්ස් ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ,අසංක එදිරිසිංහ, දීපා එදිරිසිංහ නාලක එදිරිසිංහ එක් අයෙකුට රුපියල් මිලියනයක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අහෝසි කළ අධිකරණය වැඩිදුරටත් නියෝග කළේ සෑම සති දෙකකට වරක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසයි.

ස්වර්ණමහල් ජුවලර්ස් ආයතනයේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අද පස්වරුවේ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.

එම හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ රුපියල් බිලියන 13.7ක මුදලක් තැන්පතු ලෙසනීති විරෝධීව ලබාගැනීම සහ මුදල් විශුද්ධිකරන චෝදනා යටතේයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top