මාස තුනහමාරෙන් අම්මගේ බඩෙන් එළියට ඇවිත්, ස්වභාවධර්මයටත් අභියෝග කළ විශ්මිත දරු පැටවාගේ කතාව, යළි කරළියට
Wednesday, 06 January 2021 - 16:24 | Views - 411

මෙලොව ඉපදෙන හැම දරු පැටියෙක්ම "දෙවියන් වහන්සේ විසින් දුන් ත්‍යාගයක්" ලෙස අප හඳුන්වා දෙන්නේ...
නූතන විද්‍යාව අරුම පුදුම දේවල්-වලින් සමන්විත දෙයක් වුණත් බිළිඳෙකු මෙලොව එළි දැකීම ඉතා අවදානම් සහගත වීමට ඉඩ කඩ පවතිනවා.
Tru Wende Beare-ගේ කතාවත් ඒ විදිහේ අතිශය පුදුමාකාර කතාවක්. රාත්තලක බරකින් යුතු සති 14ක් නොමේරූ ලෙස උපත ලැබූ මේ දැරිවිය ජීවිතයේ ආරම්භයේ සිටම සටනක යෙදී සිටියා.
කැනඩාවේ නිව් වෙස්ට්මිනිස්ටර් හි රෝයල් කොලොම්බියානු කියන රෝහල් කණ්ඩායම මේ දරු පැටියාට මේ ලෝකය දකින්න ඉඩ කඩ සැලසුවේ අනන්ත කැපකිරීම් කරමිනුයි.
Tru අසනීප වූ අතර සති ගණනාවක් ඇයව ඉන්කියුබේටර් එකක තබා ඇති බව සඳහන්.
54 වැනි දිනයේදී ඇගේ පියාට පළමු වරට ඇයව හුරතල් කිරීමට අවස්ථාව ලැබුණා. ඒ හැම මොහොතකටම තමන් ආදරය කළ බවයි ඔහු කියා තිබුණේ.
71 වැනි දිනයේදී මේ පුංචි කෙලි පොඩ්ඩ ඉන්කියුබේටර් එකේ ඉඳලා තොටිල්ල දක්වා උපාධිය ලබා ගන්නට සමත් වුණා.
අන්තිමේදී, රෝහලේ මාස හතරක් තිස්සේ උන් Truට ගෙදර යන්න අවස්ථාව ලැබුණා.
මේ අරුම පුදුම ප්‍රවෘත්තියත් එක්කම අතිශය සංවේදීජනක වීඩියෝවකුත් අන්තර්ජාලයේ හුවමාරු වුණා.
Newsneren.newsner.com වෙබ් අඩවියේ පළවුනු ලිපියක් සහ වීඩියෝවක් නිසාම මේ සිදුවීම බොහෝ දෙනා අතර කතාබහට ලක් වන්නට පටන් ගත්තා.
ඔවුන් මේ "විශ්මිත දරු පැටවාට" ආශිර්වාද එක් කරන්නට ද අමතක කළේ නැහැ.
(විදෙස් මාධ්‍ය ඇසුරිනි.)
Share This Article