ලංකාවේ 20%කට එන්නත ලබාදෙනවා - ඇමතිනී පවිත්‍රා කියයි
Wednesday, 06 January 2021 - 15:24 | Views - 282
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 20% කට කොවිඩ් 19  එන්නත  ලබාදීමට රජය සූදානම් බව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි අද (6) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

රජය මේ සඳහා ජිනීවා එන්නත් සංවිධානය වන එන්නත් සහ ප්‍රතිශක්තිකරණය පිළිබඳව ගෝලීය පදනම වෙතින්  පසුගිය වසරේ ජූලි 20 වන  දින ඉල්ලීමක් කර ඇති බවත් ඒ අනුව කොවැක්ස්පහසුකම ලබා ගැනීම සදහා  කොවැක්ස් වැඩසටහන හා ශ්‍රී ලංකාව ගිවිසුම් අත්සන් කරන රටක් ලෙස යෝග්‍යතාව තහවුරු කර ඇති බවත් සෞඛ්‍ය ඇමැතිනිය අනාවරණය කළාය.

මෙරට බෝවෙන රෝග පිලිබඳව උපදේශක කමිටුව එන්නත හෝ එන්නත් කිහිපයක් පිළීබඳව සිය නිර්දේශ ලබාදුන් වහාම  රජය කොවිඩ් එන්නත ගෙන ඒමට කඩිනමින් කටයුතු  කරන බවද ඇය මෙහිදී සඳහන් කළාය.

එන්නත් පහසුකම් මෙරටට ලබාදීම සම්බන්ධව යෝග්‍යතාවය තහවුරු වුවද  තවත් කරුණු රාශියක් සලකා බැලිය යුතු බව ඇමතිනිය සඳහන් කර සිටියේ අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් ගලප්පත්ති මහතා විසින් විමසූ ප්‍රශ්නයකට අගමැතිවරයා වෙනුවෙන් පිළිතුරු දෙමිනි.

විමසූ ප්‍රශ්නයට වැඩිදුරටත් පිළිතුරු දුන් අමාත්‍යවරිය  සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමුඛත්වයෙන් සහ කොවිඩ්- 19  කාර්ය සාධන බලකායේ ද යුද හමුදාපතිවරයා ගේ නායකත්වයෙන් යුතු මෙහෙයුම් මධ්‍යස්ථානයේ ද සමායෝජනය සහිතව වසංගත තත්ත්වය පාලනය සඳහා සමස්ත ජනතාවගේ ම දායකත්වය ලබාගැනීමේ ලබා ගැනීමේ  සියලු ක්‍රමෝපායන් ක්‍රියාත්මක කරනු ලබන බව සඳහන් කළාය.

විශේෂයෙන්ම,මේ වන විටද සියලු සියලු දිස්ත්‍රික්කයන් ආවරණය වන පරිදි අවදානම් ජන කොට්ඨාස වලට ප්‍රමුඛතාව ලබා දෙමින් රට පුරා අහඹු පී.සී.ආර්. පරීක්ෂණ සිදුකෙරෙන අතර  සිදු කෙරෙන පී.සී.ආර්. පරීක්ෂණ ධාරිතාවය පහළොස් දාහක් දක්වා ඉහළ දැමීම, කොවිඩ් රෝගීන් සඳහා වෙන් වූ ඇඳන්  11800 කට අධික ප්‍රමාණයෙන් යුතු රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන 71ක් මේ වන විට රට පුරා ස්ථාපිත කර තිබෙන අතර  දැඩි සත්කාර ඇඳන් ප්‍රමාණය ද ක්‍රමානුකූලව වැඩි කරනු ඇති බවද මෙහිදී ඇමතිවරිය  ප්‍රකාශ කළාය.

ලංකාදීප
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top