රත්නපුරේ ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයා දඹුල්ලේදී අභිරහස් ලෙස මියයයි
Wednesday, 06 January 2021 - 15:03 | Views - 379
රත්නපුර ප්‍රදේශයේ ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයෙකුගේ මළසිරුරක් දඹුල්ල තානායම් කාමරයක තිබී සොයාගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ රත්නපුර කහන්ගම, දේවාලයේ ගම ප්‍රදේශයේ පදිංචි තරුණ ව්‍යාපාරිකයෙකු බවයි අනාවරණ වී ඇත්තේ.

නීතිඥවරයකු ඇතුළු මියගිය අයගේ ඥාතීන් එම ස්ථානයට පැමිණ ඇති බවයි වාර්තාවන්නේ.

මියගොස් ඇති ව්‍යාපාරිකයා ඊයේ (05) උදෑසන 8.30 ට පමණ තම තානායමට පැමිණි බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

එදින දහවල් මත්පැන් පානය කර ඇති මෙම ව්‍යාපාරිකයා පසුව තම කාමරය මාරුකර ඇත්තේ තවත් දෙදෙනෙක් එහි පැමිණෙන බව තානායම් කාර්යමණ්ඩලයට පවසමින්.

එදින රාත්‍රී ආහාරය ඇනවුම් කර තිබුනද එය ලබා නොගැනීම හේතුවෙන් පසුව කාර්ය මණ්ඩලය සිදුකළ පරීක්ෂාකිරීම්වලදී අනාවරණ වී ඇත්තේ ඔහු ගෙළවැලලාගෙන ඇති බවයි.

මරණයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවයි සඳහන් වන්නේ.

අනතුරුව දඹුල්ල පොලිසියට කළ දැනුම්දීමකට අනුව මරණය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top