වැඩිම ආසාදිතයින් කොළඹින්
Wednesday, 06 January 2021 - 13:11 | Views - 384

ඊයේ වාර්තාවූ කොරෝනා ආසාදිතයන් 484 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී තිබෙනවා.
එම සංඛ්‍යාව 121 ක් වන අතර, ඉන් 38කුම වාර්තාවී ඇත්තේ මට්ටක්කුලිය ප්‍රදේශයෙන්. කොළඹින් බැහැරව වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වන 110 දෙනෙකු වාර්තාවී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බවයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.
ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 30 දෙනෙකු වාර්තාවී තිබෙනවා. මාතරින් ආසාදිතයන් 25 දෙනෙකු, මාතලේ දිස්ත්‍රික්කයෙන් 23 දෙනෙකු, මහනුවර දිස්ත්‍රික්කයෙන් 20 දෙනෙකු වශයෙන් ඊයේ ආසාදිතයන් වාර්තාවී ඇති බවයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියා සිටියේ.
එමෙන්ම ජාඇළ ප්‍රදේශයේ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ කොන්දොස්තරවරයෙකු කොරෝනා ආසාදිත බවට තහවුරු වීමත් සමඟ 150 කට අධික පිරිසක් ස්වයං නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා.
වවුනියාව - පට්ටාන්චිචූර් ගම්මානයේ එකම පවුලේ පස්දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට අනාවරණ වී තිබෙනවා. මීට පෙර එම ප්‍රදේශයෙන් හඳුනාගැනුනු කොරෝනා ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකුගේ පවුලේ සාමාජිිකයන් පිරිසකට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවයි වවුනියාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ප්‍රකාශ කළේ.
මේ අතර කොවැක්ස් පහසුකම යටතේ මෙරටට එන්නත් ලැබෙන ඕනෑම අවස්ථාවක ජනතාවට ඒවා ලබාදීමට දැනටමත් සූදානම් බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර කියා සිටියා.
කොරෝනා ආසාදිත රෝගීන්ට සිංහල ආයුර්වේද ක්‍රමය අනුව ප්‍රතිකාර කටයුතු ආරම්භ කිරීම සඳහා වන සාකච්ඡාවක් දේශීය වෙදකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩිගේ ප්‍රධානත්වයෙන් නාවින්න ආයුර්වේද පර්යේෂණ ආයතනයේදී ඊයේ පවත්වා තිබෙනවා. එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ආසාදිතයන් 50 කට වැඩි සංඛ්‍යාවකට නේවාසිකව ප්‍රතිකාර ලබාදීමට එම රෝහල සතුව පහසුකම් පවතින බවයි.
Share This Article