මෙරටට පැමිණීමට පෙර සංචාරකයින් සිය රටෙන් PCR කර ගත යුතුයි
Wednesday, 06 January 2021 - 13:05 | Views - 321

විදේශීය සංචාරකයෙකු දිවයිනට පැමිණෙන්නේ නම් මෙරටට පැමිණීමට පෙර පැය 96ක් ඇතුළත පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකරගත යුතු බව වසංගත රෝග විදු්යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසනවා.
එලෙස පැමිණීමෙන් අනතුරුව මෙරටදී ද ඔවුන් යළිත් වරක් පී.සී.ආර්. පරීක්ෂණ කිහිපයකටම මුහුණදිය යුතු බවයි ඔහු සඳහන් කළේ.
මේ අතර, අද උදෑසන 8.30 න් අවසන් වූ ගතවූ පැය විසි හතර තුළ විදේශ රටවල රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 248 දෙනෙකු ගුවන් යානා 18 කින් දිවයිනට පැමිණියා.
ඔවුන් ඩුබායි, කටාර්, චීනය, මාලදිවයින වැනි රටවල්වල සේවය සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයින් වනවා. එමෙන්ම තවත් ශ්‍රී ලාංකිකයින් 513 දෙනෙකු ගුවන් යානා 19 කින් කටුනායක ගුවන් තොටුපලින් විදේශ රටවල් වෙත පිටව ගොස් තිබෙනවා.
එලෙස පිටත්ව ගිය පිරිසෙන් වැඩි පිරිසක් එනම්, 307 දෙනෙකු ඩුබායි වෙත ගොස් ඇති අතර, දෝහා කටාර් වෙත 35 දෙනෙකු පිටත්ව ගොස් ඇති බවයි ගුවන් තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ.
මේ අතර විදෙස් රටවල සිට දිවයිනට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ගෙන් මුදල් ලබාගැනීමේ ජාවාරමක් පවතින බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු කියා සිටියේ.
Share This Article