නාලක එදිරිසිංහ අත්අඩංගුවට
Wednesday, 06 January 2021 - 10:38 | Views - 422
ඊ.ටී.අයි සහ ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන නාලක එදිරිසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ඔහු අද පෙරවරුවේ එම දෙපාර්තමේන්තුව වෙත භාර වීමෙන් අනතුරුවයි.
එම ආයතනවල හිටපු අධ්යක්ෂ මණ්ඩලය අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ අතර, සෙසු අධ්යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
Share This Article