ඉන්දීය විදේශ ඇමති, අද ජනපති, අගමැති හමුවේ
Wednesday, 06 January 2021 - 9:12 | Views - 336
දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවීමට නියමිතයි.
එමෙන්ම, විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ද හමුවීමට නියමිත බවයි වාර්තා වන්නේ.
විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ආරාධනයකට අනුව ඊයේ දිවයිනට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා හෙට දක්වා මෙරට රැඳී සිටිනු ඇති. ඔහුත් සමඟ එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් දෙදෙනෙකු ද මෙරටට පැමිණ තිබෙනවා.
මේ අතර, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ප්‍රකාශ කළේ හෙට ඉන්දීය විදේශ අමාත්‍යවරයාව හමුවීමට අපේක්ෂා කරන බවයි.
Share This Article