කොරෝනා වෛරසයට වඩා වැඩි පිරිසක් පසුගිය වසරේ මෙරට දී මිය යාමේ සිද්ධි
Wednesday, 06 January 2021 - 9:07 | Views - 394
පොලිස් මාධ්‍ය කොට්ඨාශයට වාර්තා වී ඇති තොරතුරුවලට අනුව රිය අනතුරු හේතුවෙන් පසුගිය වසරේ 1844 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
2019 වසරේ එම සංඛ්‍යාව දැක්වෙන්නේ 2689ක් ලෙසටයි. ඒ අනුව 2019 වසරට සාපේක්ෂව 2020 වසරේ රිය අනතුරුවලින් මිය ගිය සංඛ්‍යාව 800කින් පමණ පහත වැටී තිබෙනවා.
ඊට ප්‍රධානතම හේතුවක් ලෙස දැක්වෙන්නේ කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ පනවා තිබූ සීමාවන්. එමෙන්ම රිය අනතුරුවලින් පසුගිය වසරේ බරපතල තුවාල ලැබූ සංඛ්‍යාව 5284ක් ලෙස දැක්වෙනවා.
2019 වසරේ එම සංඛ්‍යාව 7718ක් ලෙසයි සටහන් වුණේ. යතුරුපැදි සහ මෝටර් රථවලින් සිදුවූ අනතුරු මෙහි වැඩි වශයෙන් දක්නට ලැබෙනවා.
2020 වසරේ මුල් මාස 10 තුළ පුද්ගල ඝාතන 302ක් වාර්තා වී තිබෙනවා. 2019 එම සංඛ්‍යාව දැක්වුණේ 479ක් ලෙසටයි. 2020 වසරේ මුල් මාස 9 තුළ පිරිමි පුද්ගලයින් 2102ක් සහ කාන්තාවන් 540ක් සිය දිවි හානි කරගෙන තිබෙනවා.
Share This Article