සාමණේර හිමියන්ට අතවර කළ වීඩියෝපට තියෙනවා, ඒවා ප්‍රසිද්ධ කරනවා කියමින් ධම්මසිරි හිමියන්ගෙන් මුදල් ලබාගෙන
Wednesday, 06 January 2021 - 8:55 | Views - 238
කොඩිකන්ද ආරණ්‍ය සේනාසනාධිපති උඩුවිල ධම්මසිරි හිමියන් සංවිධානාත්මක පිරිසක් විසින් ඝාතනය කර ඇත්තේ එම ආරණ්‍යයේ වැඩ විසූ කුඩා සාමණේර හිමිනමකට සිදුවූ අතවරවලට අදාළ වීඩියෝපට ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කර එම හිමියන්ගෙන් රුපියල් කෝටි ගණනක මුදල් ලබා ගැනීමට ගත් උත්සාහය ව්‍යර්ථ වීමෙන් පසුව බව පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත.

ධම්මසිරි හිමියන් පැහැර ගත් සංවිධානාත්මක කණ්ඩායම මාකොල ප්‍රදේශයේ නිවසක රඳවාගෙන උන්වහන්සේට පහර දෙමින් අමානුෂික වධහිංසා පමුණුවමින් හිමියන් සතුව ඇති බව කියන රුපියල් කෝටි පහකට අධික මුදල් ලබා ගැනීමට උත්සාහ කර ඇති බව විමර්ශනවලින් හෙළි වී ඇත.

එම පහරදීම්වලදී සහ ගෙල සිර කිරීමේදී ධම්මසිරි හිමියන් අපවත් වී ඇති අතර පසුව මෙම සංවිධානාත්මක කණ්ඩායම උන්වහන්සේගේ දේහය කොටදෙණියාව නාවාන සොහොන් පිටියට රැගෙන ගොස් පෙට්‍රල් දමා පුළුස්සා පලා ගොස් ඇති බව පොලිසිය පවසයි.

ධම්මසිරි හිමිගේ ඝාතන සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකාරිය සහ ඇගේ අනියම් සැමියා ඇතුළු සිවුදෙනකු ඊයේ වනවිට පොලිසිය අත්අඩංගුවට ගෙන තිබූ අතර පැහැර ගැනීමට යොදාගත් වෑන් රථයත්, ජංගම දුරකථනයත් ඇතුළු උපකරණ රැසක් පොලිසිය භාරයට ගෙන තිබිණි.

ධම්මසිරි හිමියන් පැහැරගත් අවස්ථාවේ උන්වහන්සේ සතුව තිබී රැගෙන ගිය බැංකු පොත් කිහිපයක් ද පොලිසිය සොයා ගෙන ඇති අතර එම බැංකු ගිණුම්වල රුපියල් පන්දහසකටත් අඩු මුදලක් තිබී ඇති බව විමර්ශනවලදී හෙළිව තිබේ.

ධම්මසිරි හිමියන්ගේ ඝාතන සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් සිවුදෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් පහක් පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.

පොලිසිය මේ වනතුරු සිදු කර ඇති විමර්ශනවලට අනුව ධම්මසිරි හිමියන් පැහැරගෙන යෑම සැලසුම් කර ඇත්තේ සාමණේර හිමිනමගේ මව සහ ඇගේ අනියම් සැමියා විසින්ය.

මෙම සාමණේර හිමිනම වසර කීපයක් තිස්සේ ආරණ්‍ය සේනාසනයේ වැඩ වසා ඇති අතර එහිදී තමන් විවිධ අතවරයන්ට ලක් වන බව එම හිමියන් තම මවට දැනුම් දී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාමණේර හිමියන්ගේ මව ධම්මසිරි හිමියන් සමග නිතර නිතර ආරවුල් ඇති කරගෙන තිබිණි.

තම පුත්‍රයා වන සාමණේර හිමියන්ට අතවර කළ අවස්ථා දැක්වෙන වීඩියෝපට ඇතැයි ද ඒවා ප්‍රසිද්ධ කරන බව ද කියමින් සාමණේර හිමියන්ගේ මව ධම්මසිරි හිමියන්ගෙන් මුදල් ලබාගෙන ඇති බව විමර්ශනවලින් හෙළි වී ඇත.

මෙම හිමියන් පැහැර ගැනීමට යොදා ගත් වෑන් රථය ද මිලදී ගෙන එය සාමණේර හිමිනමගේ මවට ලබාදී ඇත්තේ ධම්මසිරි හිමියන් දුන් මුදල්වලින් වන අතර එහි ලීසිං වාරික ගෙවා ඇත්තේ ද එම හිමියන් විසින්ය.

ධම්මසිරි හිමියන් අවස්ථා කීපයකදීම මෙම සාමණේර හිමිනමගේ මවට පවසා ඇත්තේ තමන් සතුව රුපියල් කෝටි පහකට අධික මුදලක් ඇති බවත්, ව්‍යාපාරයක් කරගෙන යෑමට ඒ මුදල්වලින් කොටසක් ලබාදිය හැකි බවත්ය.

සාමණේර හිමිනමගේ පියා බයිට් වර්ග නිෂ්පාදනය කර අලෙවි කිරීමේ ව්‍යාපාරයක් කරගෙන යන අතර එය දියුණු කර ගැනීම සඳහා මාසිකව රුපියල් ලක්ෂයක මුදලක් ලබාදිය හැකි බව ද ධම්මසිරි හිමියන් සැකකාර කාන්තාවට පවසා තිබූ බව විමර්ශනවලින් හෙළි වී ඇත.

එහෙත් ඉකුත් 03 වැනිදා රාත්‍රි 11.30 ට පමණ මෙම කාන්තාව ඇගේ අනියම් සැමියා ඇතුළු දසදෙනකුගෙන් පමණ සමන්විත පිරිසක් සමග ආරණ්‍ය සේනාසනයට කඩා වැදී විහාරාධිපති හිමියන් වූ ධම්මසිරි හිමියන්ට පහරදී පැහැරගෙන ගොස් ඇත්තේ රුපියල් කෝටි ගණනක මුදල් එකවරම ලබා ගැනීමට බව පොලිසිය කළ පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

එහෙත් සිය සැලසුම ව්‍යර්ථ වීමෙන් පසු ධම්මසිරි හිමියන්ගේ දේහය කොටදෙණියාව නාවාන සුසාන භූමියේ වළ දැමීමට මාකොල සිට රැගෙන ගොස් ඇත්තේ ත්‍රිරෝද රථයක පටවාගෙන බව ද හෙළි වී ඇත.

දේහය සොහොන් පිටියේ වළ දැමීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ වීම නිසා එය ඇඳ ඇතිරිල්ලක ඔතා දමා පෙට්‍රල් දමා පුළුස්සා ඇති බව පොලිසිය පවසයි.

බස්නාහිර උතුර භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණයෙන් අපරාධ මෙහෙයුම් ඒකකයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි ලලිත් අබේසේකර, එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වෙයි.


දිවයින

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top