අතුරුගිරියේ සහ අවිස්සාවේල්ලේ මැර ප්‍රහාරයේ CCTV සාක්ෂිය
Wednesday, 06 January 2021 - 8:37 | Views - 499

සංවිධානාත්මක මැර පිරිසක් විසින් අවිස්සාවේල්ල අමිතිරිගල ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයකට පහරදී එහි දේපලවලට හානි පමුණුවා තිබෙනවා.
අදාළ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු ප්‍රකාශ කළේ මැර පිරිස ගිනි අවිද රැගෙන විත් තමන්ට මරණ තර්ජන එල්ල කළ බවයි.
අවිස්සාවේල්ල - අමිතිරිගල - මහදෙනිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් විසින් ඉඩමක් පසුගියදා සංවර්ධනය කර තිබුණා.
ඒ එම ස්ථානයේ වාහන විකුණුම් ප්රදර්ශනාගාරයක් ආරම්භ කිරීම සඳහායි.
කෙසේ වෙතත් පසුගිය 24 වැනිදා මෙම ස්ථානයට කඩා වැදුණු මැර පිරිසක් එහි හිමිකරුට මරණ තර්ජන එල්ල කරමින් ව්‍යාපාරික ස්ථානයේ දේපලවලට දැඩි ලෙස හානිකර තිබෙනවා.
මැර පිරිස බැකෝ රථයක්ද රැගෙනවිත් ව්‍යාපාරික ස්ථානයේ දේපළ කඩා බිඳ දැමීමට කටයුතු කර තිබුණු අයුරු කැමරාවක සටහන්ව තිබුනා.
මේ අතර අතුරුගිරිය නගරයේ පිහිටි පශු වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයකට කඩාවැදුණු පිරිසක් වෛද්‍යවරයාට සහ ඔහුගේ සහයකයාට අමානුෂික ලෙස
පහරදෙන අයුරු එහි CCTV කැමරා පද්ධතියේ මෙලෙස සටහන්ව තිබුණා.
අතුරුගිරිය නගරයේ වෙළඳසැලක් ඉදිරිපිට වාහනයක් ගාල් කිරීමට යාමේදී ඇති වූ බහින් බස් වීමක් මෙම පහරදීමට හේතු වී තිබෙනවා.
අතුරුගිරිය පොලිසිය පහරදුන් පිරිස පසුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Share This Article