අතුරුගිරියේ සහ අවිස්සාවේල්ලේ මැර ප්‍රහාරයේ CCTV සාක්ෂිය
Wednesday, 06 January 2021 - 8:37 | Views - 500
සංවිධානාත්මක මැර පිරිසක් විසින් අවිස්සාවේල්ල අමිතිරිගල ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයකට පහරදී එහි දේපලවලට හානි පමුණුවා තිබෙනවා.

අදාළ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු ප්‍රකාශ කළේ මැර පිරිස ගිනි අවිද රැගෙන විත් තමන්ට මරණ තර්ජන එල්ල කළ බවයි.

අවිස්සාවේල්ල - අමිතිරිගල - මහදෙනිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් විසින් ඉඩමක් පසුගියදා සංවර්ධනය කර තිබුණා.

ඒ එම ස්ථානයේ වාහන විකුණුම් ප්‍රදර්ශනාගාරයක් ආරම්භ කිරීම සඳහායි.

කෙසේ වෙතත් පසුගිය 24 වැනිදා මෙම ස්ථානයට කඩා වැදුණු මැර පිරිසක් එහි හිමිකරුට මරණ තර්ජන එල්ල කරමින් ව්‍යාපාරික ස්ථානයේ දේපලවලට දැඩි ලෙස හානිකර තිබෙනවා.

මැර පිරිස බැකෝ රථයක්ද රැගෙනවිත් ව්‍යාපාරික ස්ථානයේ දේපළ කඩා බිඳ දැමීමට කටයුතු කර තිබුණු අයුරු කැමරාවක සටහන්ව තිබුනා.

මේ අතර අතුරුගිරිය නගරයේ පිහිටි පශු වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයකට කඩාවැදුණු පිරිසක් වෛද්‍යවරයාට සහ ඔහුගේ සහයකයාට අමානුෂික ලෙස
පහරදෙන අයුරු එහි CCTV කැමරා පද්ධතියේ මෙලෙස සටහන්ව තිබුණා.

අතුරුගිරිය නගරයේ වෙළඳසැලක් ඉදිරිපිට වාහනයක් ගාල් කිරීමට යාමේදී ඇති වූ බහින් බස් වීමක් මෙම පහරදීමට හේතු වී තිබෙනවා.

අතුරුගිරිය පොලිසිය පහරදුන් පිරිස පසුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top