මිරිස්සේ - කොකනට් හිල්ස් ප්‍රදේශයේ සුන්දරත්වය විනාශ කිරීමට හේතුව පෞද්ගලික ආරවුලක්
දේශීය සහ විදේශීය සංචාරකයින්ගේ ආකර්ශනය දිනා ගත් මිරිස්ස - කොකනට් හිල්ස් නැමති ප්‍රදේශයේ සුන්දරත්වය විනාශ කරමින් ඉදිකිරීම සිදු කිරීම පෞද්ගලික ආරවුලක් මත සිදුවූවක් බවට අනාවරණ වී තිබෙනවා.
මෙම ඉඩමෙහි කොන්ක්‍රීට් කණු සිටුවීමත් සමඟ එහි සුන්දරත්වය විනාශ වී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප පළවීමත් සමඟ ඒ සම්බන්ධයෙන් මේවනවිට කතා බහක් ඇතිව තිබෙනවා.
මේ සම්බන්ධයෙන් වැලිගම නගර සභාවේ සභාපති රෙහාන් ජයවික්‍රමගෙන් අප කළ විමසීමකදී ඔහු කියා සිටියේ අග්‍රාමාත්‍යවරයාගේ අවදානය ඒ සඳහා යොමු කිරීමට පියවර ගත් බවයි.
