අධ්‍යාපනයේ සමාන ප්‍රවේශය ලබා දීමට කටයුතු කරනවා
Tuesday, 05 January 2021 - 17:08 | Views - 368
දුෂ්කර පාසල්වල විෂමතා අවම කරමින් එම පාසල් සංවර්ධනය කිරීමට නව වසරේ කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.ඇල් පීරිස් මහතා පැවසීය.
පාසල්වල සම්පත් අවම වැඩිදියුණු කෙරේ. ඊ තක්සලාව සහ ගුරු ගෙදර යන වැඩසටහන් වඩාත් ක්‍රමවත්ම ක්‍රියාත්මක කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තුවේදී අද(05) යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම කීවේය.
පාසල්වල විශේෂ දක්ෂතා දක්වන ළමයින් වෙනුවෙන් පහසුකම් ලබාදීමේ නව වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මකය.
දුෂ්කර ප්‍රදේශවල ළමයින්ට අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපන කටයුතු කිරීම ඉතා අපහසු බව පෙන්වා දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා ඒ වෙනුවෙන් කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස ද අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.
ඊට පිළිතුරු දුන් අමාත්‍යවරයා පැවසුවේ අධ්‍යාපනයේ සමාන ප්‍රවේශය ලබා දීමට කටයුතු කරන බවයි. මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ළමයින් 10 දෙනෙක්ම ළකුණු 200 න් 200 ම ලබාගෙන ඇති බව පැවසූ අමාත්‍යවරයා එම ළමයින් සියලු දෙනාම කොළඹින් බැහැර බවද කීවේය.
Share This Article