ලොරි රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට
Tuesday, 05 January 2021 - 15:01 | Views - 392
බලංගොඩ නගර මධ්‍යයේ ඊයේ (04) පෙරවරුවේ සිදුවූ අනතුරකින් 25 හැවිරිදි මිරිස්වත්ත ප්‍රදේශයේ පදිංචි විවාහක තරුණයකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ලොරි රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු බලංගොඩ මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසුවයි ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.
ලොරි රථයේ රියදුරුගේ නොසැලකිලිමත්කම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති අතර මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ අදාල ලොරි රථය ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ලොරි රථයක් බවටයි.
Share This Article