කොඩිකන්දේ හිමිනම ඝාතනයට පොලිස් නිලධාරිනියකගේ සැමියෙකුගේ සම්බන්ධයක්
Tuesday, 05 January 2021 - 13:20 | Views - 550
හංවැල්ල - තුන්මෝදර කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයේ වැඩවිසූ පූජ්‍ය උඩුවිල ධම්මසිරි හිමියන් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව පොලිස් නිලධාරිනියකගේ සැමියෙකු සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් හතරදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

ඒ අතර එම ආරණ්‍ය සේනාසනයේ වැඩ වෙසෙන සාමණේර හිමිනමකගේ මව්පියන් ද සිටිනවා.

තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කර ඇති අතර, පැහැරගැනීමට යොදාගත් වෑන් රථයද හඳුනාගෙන තිබෙනවා.

පසුගිය දෙවනදා කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයට මෙම පිරිස පැමිණ එහි සිටි පිරිස දණගස්සවා 65 හැවිරිදි හිමි නම පැහැරගෙන ගොස් තිබුණා.

කෙසේ වෙතත් කොටදෙණියාව - නාවාන පොදු සුසාන භූමියේ පුළුස්සා දමා තිබූ උන්වහන්සේගේ සිරුර ඊයේ (04) සොයාගැනුනු අතර, පුළුස්සා දැමීමෙන් පසු එය වළදැමීම සඳහා සුසාන භූමියේ කුඩා වළක්ද සකස් කර තිබූ බවයි පොලීසිය සඳහන් කළේ.

කෙසේ වෙතත් හිමිනම පැහැරගැනීමට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණ වී නැහැ.

මේ අතර අදාළ හිමිනමගේ ඝාතනය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රශ්න කළ අතර, ඊට මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර  පිළිතුරු ලබාදුන්නා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top