කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයේ හිමිනමට සිදුවූ අපරාධයේ කරුණු රැසක් හෙළිවෙයි
Tuesday, 05 January 2021 - 11:23 | Views - 494
කොටදෙණියාව - නාවාන පොදු සුසාන භූමියේ පුළුස්සා දමා තිබියදී සොයාගත් පුද්ගල සිරුර හංවැල්ල - තුන්මෝදර කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයේ හිමිනමගේ බවට අනාවරණ වුණා.

ඒ අදාල සිරුර ආරණ්‍ය සේනාසනයේ ස්වාමින් වහන්සේලා දෙනමක් විසින් තම ගුරු හිමියන්ගේ බවට හඳුහා ගැනීමත් සමඟයි.

මීට දින කිහිපයකට පෙර කොඩිකන්ද ආරණය සේනාසනයට කිසියම් පිරිසක් පැමිණ එහි සිටි පිරිස දණගස්සවා 65 හැවිරිදි අදාල හිමි නම පැහැරගෙන ගොස් තිබුණා.

මෙම පැහැර ගැනීම සම්බන්ධයෙන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර එම පිරිස අතර කාන්තාවක් ද සිටින බව බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

තුන්මෝදර කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටින කුඩා හිමි නමකගේ මව සහ පියා අත්අඩංගුවට ගත් සිව්දෙනා අතර සිටින බවට තහවුරු වී තිබෙනවා.

පැහැර ගැනීමට ලක්වූ හිමිනම සහ අදාල පුද්ගලයින් අතර පැවති පුද්ගලික ආරවුලක් මෙම අපරාධයට හේතු වී ඇති බවටයි පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.

මරණය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය අද (05) දින සිදු කිරීමට නියමතිව තිබුණා.

සැකකරුවන් අද (05) දින අවිස්සාවේල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top