වයස අවුරුදු 13ක ළමයෙකුගේ ජීවිතය බිලිගත් වදුරඹ රිය අනතුර
Tuesday, 05 January 2021 - 11:20 | Views - 436
ඊයේ (04) දහවල් වදුරඹ, යක්කමුල්ල මාර්ගයේ මාබොටුවන ප්රදේශයේදී ත්රීරෝද රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටිමෙන් මාරක රිය අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් ත්රීරෝදරථ රියදුරු සහ එහි ගමන් ගත් මවක් ඇතුළු වයස අවුරුදු 13ක ළමයෙකු බරපතල තුවාල ලබා ඇති බවයි පොලීසිය සදහන් කළේ.
තුවාලකරුවන් කරාපිටිය මුලික රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී ළමයා මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරට පත්වූ මෙම පිරිස මාන්පුලිය, නොරෝචොලේ පදිංචිකරුවන් වන අතර අනතුර සම්බන්ධයෙන් ලෝරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම අනතුරේ වැඩිදුර පරීක්ෂණ මොරවැව පොලිසිය යටතේ ක්රියාත්මකයි.
Share This Article