ජිප් රථයේ හැපී අන්තිම ගමන ගිය නුවන් සම්පත්, මුහුණු පොතම සංවේදී කරයි
Tuesday, 05 January 2021 - 10:17 | Views - 531

පිළියන්දල කැස්බෑව මාකන්ද ප්‍රදේශයේදී සුඛෝපබෝගී ජිප් රථයක් හා යතුරුපැදියක් ඊයේ (04) පෙරවරුවේ මුහුණට මුහුණ ගැටීමෙන් යතුරුපැදිකරු මිය ගොස් ඇති බව පිළියන්දල පොලිසිය සඳහන් කළා.
අනතුරින් මියගොස් ඇත්තේ හොරණ අඟුරුවාතොට පාර ප්‍රදේශයේ පදිංචිව සිටි නුවන් සම්පත් නම් 25 හැවිරිදි තරුණයෙක්.
මියගිය තරුණයා යතුරුපැදියෙන් බණ්ඩාරගම දෙස සිට කැස්බෑව දෙසට පැමිණෙමින් සිටියදී ජිප් රථය කැස්බෑව දෙස සිට කොළඹ දෙසට ගමන් කරමින් සිටියදී මාකන්දන ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇති බව සඳහන්.
අනතුරින් පසුව යතුරුපැදිය ආ දෙසටම මීටර් 25ක් පමණ ඇදී ගොස් තාප්පයක ගැටී නතර වී ඇතැයි පොලිසිය සඳහන් කළා.
අනතුර සිදු වූ වහාම එම ස්ථානයට එක්රැස් වූ ප්‍රදේශවාසීන් ජිප් රථයට යතුරුපැදියත් සමඟ යට වී සිටි තරුණයා ජිප් රථය උඩට උස්සා පිටතට ගෙන රෝහල් ගත කර තිබුණා.
ඒ වන විටත් තරුණයා මියගොස් සිට ඇති බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
ජිප් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර සිද්ධියෙන් මිය ගිය නුවන් සම්පත් ගේ මිතුරන් බොහෝ දෙනෙක් ඔහු ගැන සංවේදී සටහන් කිහිපයක් මුහුණු පොතට එක් කර තිබුණා.
Share This Article