මුහුණු ආවරණ නොපළඳින පුද්ගලයන්ට අද සිට PCR හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ
Tuesday, 05 January 2021 - 9:48 | Views - 304
මුහුණු ආවරණ නොපැළඳීම සහ සමාජ දුරස්ථභාවය තබා නොගැනීම, යන නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයන්ට එරෙහිව අද (05) සිට අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට අමතරව පී.සී.ආර්. හෝ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ සිදුකිරීමට තීරණය කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ මුහුණු ආවරණ නොපැළඳීම, සමාජය තුළ කොරෝනා ව්‍යාප්තියට හේතුවිය හැකි බවට වන සෞඛ්‍ය උපදෙස් මත එම තීරණය ගත් බවයි.
ඊයේ (04) දිනයේ මෙම චෝදනා මත පුද්ගලයින් 74 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව අදාළ නිරෝධායන නීති ක්‍රියාත්මක කිරීම ආරම්භ වූ පසුගිය ඔක්තෝම්බර් 30 වනදා සිට මේ දක්වා පුද්ගලයින් 2,172 කු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.
Share This Article