රතන හිමි දිවුරුම් දීම පෙරවරුවේ - විපක්ෂයේ අසුනකුත් වෙන් කරයි
Tuesday, 05 January 2021 - 9:16 | Views - 397
නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද (05) පෙරවරුවේ ආරම්භ වනවා.

පාර්ලිමේන්තුවේ සියලු දෙපාර්තමේන්තු සහ කාර්යාලය විවෘතව පවතින අතර අද (05) සිට මාධ්‍යවේදීන්ට සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ පාර්ලිමේන්තුවේ කටයුතු ආවරණය කිරීමට හැකි බවයි පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක සඳහන් කළේ.

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයින්ගෙන් අහඹු ලෙස තෝරාගත් පුද්ගලයින් සඳහා පී.සී.ආර්. පරීක්ෂණ රැසක් පසුගියදා සිදුකළ නමුත් කිසිදු ආසාදිතයෙකු හමු නොවූ බවයි ඔහු කියා සිටියේ.

අද පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේ පසුගිය මහ මැතිවරණයේදී අපේ ජනබල පක්ෂය සඳහා හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් දිවුරුම් දීමට නියමිතයි.

ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් 2004 වසරේදී පළමුවරට පාර්ලිමේන්තුවට පත්වූ උන්වහන්සේ මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ සිව්වන වරට වීම විශේෂත්වයක්.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දුගෙන් අප කළ විමසීමකදී ඔහු කියා සිටියේ අතුරලියේ රතන හිමියන්ට විපක්ෂයේ පළමු පෙළේ අසුනක් වෙන් කර ඇති බවයි.

කෙසේ වෙතත් දිවුරුම් දීමෙන් අනතුරුව උන්වහන්සේ ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීමට තීරණය කරන්නේ නම් ඒ පිළිබඳව සභානායකවරයා හරහා කථානායකවරයාට දැනුම්දිය යුතු බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු කියා සිටියා.

කෙසේ වෙතත් එවැනි දැනුම්දීමක් මේ දක්වා රතන හිමියන් විසින් සිදුකර නොමැති බව වේත්‍රධාරීවරයා සඳහන් කළා.

මේ අතර කොවිඩ් වෛරසයට එරෙහි එන්නතක් මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා අද (05) ආණ්ඩුවෙන් ප්‍රශ්න කිරීමට නියමිත බවයි වාර්තාවන්නේ.

එමෙන්ම අද දිනයේදී සාප්පු සහ කාර්යාලීය සේවකයන් පිළිබඳ සංශෝධන පනත් කෙටුම්පත ඇතුලු සංශෝධන පනත් හතරක් විවාදයට ගැනීමට නියමිතයි.

මේ අතර පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව මෙම මසදී රාජ්‍ය ආයතන පහක විගණන කටයුතු පරික්ෂාවට ලක් කිරීමට නියමිත බව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් ප්‍රකාශ කළා.

ඊට මහපොළ ශිෂ්‍යත්ව අරමුදල, ඛනිජ තෙල් සංස්ථාව සහ පොල් සංවර්ධන අධිකාරිය ද ඇතුළත්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top