දිගින් දිගටම අසාර්ථක වන කුසල් මෙන්ඩිස්ට ධනුෂ්ක ගුණතිලක දුන් ශක්තිය
Tuesday, 05 January 2021 - 9:05 | Views - 1,026
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තුන්වන දිනය අදයි

ඊයේ දිනයේ තරගය නිමා කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම සඳහා කඩුලු හතරක් දැවී ලකුණු 150 ක් රැස් කරගෙන සිටියා.

එහිදී නායක දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 91ක් රැස්කරගෙන සිටිනවා.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල්පෙළ පිතිකරු කුසල් මෙන්ඩිස්ගෙන් කණ්ඩායමට අවශ්‍ය සේවාව ලැබෙනවාද යන්න පිළිබඳව ප්‍රශ්නයක් පැන නැඟ තිබෙනවා.

ඒ මෙම තරඟාවලිය පුරාවටම පිතිකරුවෙක් ලෙස කුසල් මෙන්ඩිස් අසාර්ථක වීම හේතුවෙන්.

මේ වන විට පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේදී ශ්‍රී ලංකා ඉනිම් දෙකේදීම ලකුණු ලබා ගන්නට පෙර කුසල් මෙන්ඩිස් දැවී ගියා.

 කුසල්ගේ මෙම දුර්වල පිතිකරණය හමුවේ සමාජ මාධ්‍යවල ඔහු මේ දිනවල දැඩි කතාබහකට ලක්ව සිටිනවා.

කෙසේ වෙතත් සිය මිත්‍රයාගේ මෙම පසුබෑම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන ධනුෂ්ක ගුණතිලක සිය නිල ට්විටර් ගිණුමට විශේෂ සටහනක් එක්කර තිබුණා.

"ශක්තිමත්ව සිටින්න, සෑම කෙනකුටම අවස්ථාවක් ඇත, අමතක නොකරන්න ඔබ ලෝක මට්ටමේ ක්‍රීඩකයෙක් බව, ඔබ ශ්‍රී ලංකාව වෙනුවෙන් බොහෝ තරඟ ජයග්‍රහණය කර දී ඇති අතර අනාගතයේදී ඔබ එය කරනු ඇත" යනුවෙන් ධනුෂ්ක එහි සටහන් කර තිබුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top