කොටදෙණියාවෙන් හමුවූ පිළිස්සුණු සිරුර, කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයේ හිමිනමගේ බවට හෙළිවෙයි
Tuesday, 05 January 2021 - 9:00 | Views - 393
කොටදෙණියාව - නාවාන පොදු සුසාන භූමියේ පුළුස්සා දමා තිබූ සිරුර හංවැල්ල - තුන්මෝදර කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයේ හිමිනමගේ බවට අනාවරණ වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට හතරදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ.
මීට දින කිහිපයකට පමණ ඉහතදී කොඩිකන්ද ආරණය සේනාසනයට කිසියම් පිරිසක් පැමිණ එහි සිටි පිරිස දණගස්සවා 65 හැවිරිදි හිමි නමක් පැහැරගෙන ගොස් තිබුණා.
පුද්ගලයන් 10 දෙනෙකු පමණ මෙම පැහැරගැනීමට සම්බන්ධ වී ඇති අතර, ඒ සඳහා උපයෝගී කරගත් වෑන් රථයද හඳුනාගෙන තිබෙනවා.
Share This Article