කාන්තාවන් දෙදෙනකු හා මිතුරකු සමග ලැගුම්හලට පැමිණි පුද්ගලයාගේ මළසිරුර දින දෙකකට පසු නාන කාමරයෙන් හමුවෙයි
Tuesday, 05 January 2021 - 8:46 | Views - 698
කාන්තාවන් දෙදෙනකු හා මිතුරකු සමඟ ලැගුම්හලට පැමිණි පුද්ගලයාගේ මළසිරුර දින දෙකකට පසු නාන කාමරයෙන් හමුවෙයි

කාන්තාවන් දෙදෙනකු සහ මිතුරකු සමග ලැගුම් හලට පැමිණි පුද්ගලයාගේ මළසිරුර දින දෙකකට පසුව නාන කාමරයේ තිබී හමුවූ පුවතක් මහනුවර හන්තානෙන් වාර්තා වේ.

මහනුවර හන්තානයේ ලැගුම් හලක නාන කාමරයේ පුද්ගලයකු මියගිය සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ ලැගුම්හලේ කළමනාකරු කළ පැමිණිල්ලකට අනුව මහනුවර පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

නානකාමරයේ මළ සිරුරක් ඇති බව දැක පෙරේදා (02) පස්වරුවේ අදාළ ස්ථානයේ කම්කරුවකු කළමනාකරුව දැනුවත් කර ඇති බව පොලිසිය පවසයි.

එම ස්ථානයට ගොස් නිරීක්ෂණය කිරීමේදී පොලිසිය දැක ඇත්තේ මිය ගිය පුද්ගලයාගේ සිරුර අසල ලේ පැල්ලම් කිහිපයක් ඇති බවය. ඔහු වැටී සිටි තැනට ඉහළින් ජනේලයේ රෙදි පටියක්ද ගැට ගසා තිබූ බව පොලිසිය පවසයි. මිය ගොස් සිටින පුද්ගලයා ඉකුත් තිස් එක් වැනි දින රාත‍්‍රියේ තවත් පුද්ගලයෙක් සහ කාන්තාවන් දෙදෙනකු සමග මෙම ලැගුම් හලට පැමිණ ඇත.

දෙවැනිදා පෙරවරුවේ සෙසු පුද්ගලයින් මෙම නවාතැනින් පිටව ගොස් ඇති බවද අනාවරණය වී ඇත.

මෙසේ මරණයට පත්ව ඇත්තේ හැටන් දික්ඔය ප‍්‍රදේශයේ පදිංචි තිස් නව හැවිරිදි නැමැත්තෙකි.

ඔහු මිය යාමට හේතුව කුමක්ද යන්න සොයා බැලීම සඳහා මහනුවර පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර මොහු සමග ලැගුම් හල වෙත ගිය සෙසු පුද්ගලයින් සොයා පරීක්ෂණ පැවැත්වෙන බව මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතා පවසයි.

මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් මත මහනුවර මූලස්ථාන පොලිස් පරීක්ෂක ප‍්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත හලංගොඩ මහතා විසින් සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

දිවයින
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top